top of page
Dominik Chandrasali
නිදි නැති, මඟහැරුණු නගරය
සියක් පියවර පිටුපස
පිළිබඳ පෙන්වමින් ඉදිරි මාවතක
එමඟම ම මඟ සලකුණක් වී
ඇගේම දෑසින් දල්වාගත්
පහනක් දරා උන්න මැදියම
මම දන්නවා ඔයා
නොවැලපෙන අලුයම
නිහඬ නගරයේ මල් සාප්පුවක් ළඟ
පාර මාරුවෙන තැන ඇන්ද
කහ ඉරි පවා මැකී ඇත
නිදිපෙති හළා එකවර
ලෝකයේ සියලු ගහ වැලට
වැළඳගෙන මොහොතකට
මට අද මොනවද දෙන්නේ
අලුතින් කල්පනා කරන්නට
ඩොමිනික් චන්ද්‍රසාලි
Gracias por visitar el sitio web oficial de Dominik Chandrasali.
¡Explora, disfruta y siéntete libre de conectarte!
Comentarios de clientes




1/5
bottom of page